9. Happy Birthday...


Twelve moons ago
On a very special day
A miracle happened
Not far far away.

A darling little angel
Came down from heaven
To bless two Earthlings
As his happy parents.

Time flew fast
Day by day
With cries and giggles
And tears and cheers.

He is the dream,
Hope and the meaning
Of our lives
Now and forever.

Happy Birthday Our Darling Baby! We Love You So Much!


8. සතර වරම් දෙව් මහරජ...



සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්

පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා //

කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා //



ගායනය - ඩබ්. ඩී. අමරදේව
පබැදුම - රත්න ශ්‍රී විජේසිංහ
ගී තනු - ඩබ්. ඩී. අමරදේව

7. දනිමි මා පුතණුවනි..



ගෙනෙන විට මා ඔබ වෙත
නෙක වන් විසිතුරු කෙළි බඩු
දනිමි මා පුතණුවනි
වළාකුළු නෙක පැහැ ගැන්වෙන රහස
මල් පෙති විසිතුරුව ඇත්තේ මන්ද යන වග
ගෙනෙන විට කෙළි බඩු ඔබ වෙත
දනිමි මා ඒ රහස ගැන...

දකිනට කැමැත්තෙන් මා ඔබේ
පා පොඩි තබා නටනා අපූරුව
ගයන විට මා ඔබට
දනිමි මා නිසැකවම
ගහ කොළ ගී මුමුණන්නේ ඇයිද යන වග
සයුරු රළ හඬ නගන්නේ කුමටද
දනිමි මා පුතණුවනි
ගයන විට මා ඔබට...

කෑදර ඔබේ අත් පොඩි
රසකැවිල්ලෙන් පුරවනා විට
දනිමි මා පුතණුවනි
මල් ගොමු පැණියෙන් පිරී ඇත්තේ ඇයිද යන වග
පළතුරු මිහිරි රසයෙන් පිරී ඇති රස රහස
දනිමි මා පුතණුවනි
ඔබට රසකැවිලි ගෙනෙනා විට...

ඔබේ සිනහවක් දකින්නට
පුංචි මුහුණ සිපගන්නා විට
දනිමි මා පුතණුවනි
උදා ලහිරු කිරණ සමගින්
ආකාසය ලොවට බෙදන සතුට ගැන
වසන්තයේ මඳ සුළඟ 
ගෙන එන මිහිරියාව ගැන
දනිමි මා පුතණුවනි
ඔබේ මුදු මුහුණත සිප සනහන විට...

~ රබින්ද්‍රනාත් තාගෝරයන්ගේ 'Coloured Toys' නිර්මාණයේ සිංහල පරිවර්තනයයි...

6. අහසින් බසින් සඳමඩලින් බසින්...



අහසින් බසින් සඳමඩලින් බසින්
මිනිසුන් මැද පුතුනේ මිහිමඩලේ හිඳින්
කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින්
රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉදින්..

සුපසන් නොවේ ලොව නුඹ මේ උපන්
නුවනින් වැඩී ලොව සුපසන් කරන්
විරවුන් ලෙසින් රුදු රණබිම් මැදින්
නුඹ ඒ ගමන් මඟ ඉදිවේ බලන්..

දෙවියන් ලොවේ නිති අසලින් නොවේ
දිරියන් ගතේ ඉටු දෙවියන් මැවේ
ජය පැන් වඩන් දහදිය වැල් වලින්
නුඹගේය ඒ නව ලොව පුංචි පුතුන්..

ගායනය - විශාරද නන්දා මාලනී
පබැදුම- සුනිල් ආරියරත්න
ගී තනු- සරත් දසනායක

5. Sweet Dreams...



Twinkling stars
Smile and sing
Moon is shining above
Crickets are chirping
And soft wind blows
My darling is sleeping now...

Fairies come down
From heaven above
To see my charming prince
I'm right beside you
And always will love you
And tell them that you are mine...



4. නුඹ...



මුතු පබළු කැටයකි
තුහින පිණි මල් වැස්සකි
ලහිරු රැස් දහරකි
කසුන් රුව සේ දිලෙන තරුවකි...



3. නුඹේ සිනා අප ලොව නිති සුවඳ කුසුම් පුබුදන්නේ...



සඳ වටකර රෑ අහසේ රන් තරු කැට බබළන්නේ
මඳ සුළඟේ දැවටීලා තුරු ලිය ගී මුමුණන්නේ
සුදු පාටින් බැබලි බැබලි මල් කුමරියො හිනැහෙන්නේ
ඒ මිහිරෙන් මගෙ රන්කැටි පුතු නැළැවී නිදියන්නේ

සඳ එළියේ පුළුන් වළා ඔරුවකි අර පා වෙන්නේ
එහි නැගිලා සුරංගනාවියො පොළොවට පැමිණෙන්නේ
පිණි ඉහිරුණු තණ බිස්සේ වළා ඔරුව නැවතෙන්නේ
සුරංගනා කුමරියො ඉන් බැස මේ දෙසටයි එන්නේ

හෙමිහිට රැළි නැගෙනා විල් තෙර මඳකට නවතින්නේ
දෝත පුරා කුමුදු නෙළා මල් මාලා අමුණන්නේ
ඒ මල් ගෙන සිනා සිසී හෙමිහිට පා තබමින්නේ
මා පුතු දෙස එබිකම් කර හොර රහසෙන් මුමුණන්නේ

සඳ කුමරුන් පරදන රුව ඇති මා රන් කැටි පුතුනේ
සඳ එළියක් සේ ලොවටම මිහිර ගෙනෙන මගෙ පුතුනේ
සුර ලියන්ගෙ කුමුදු මලින් කිරුළු පලන් කුමරුවනේ
නුඹේ සිනා අප ලොව නිති සුවඳ කුසුම් පුබුදන්නේ


Back to Top