8. සතර වරම් දෙව් මහරජ...



සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්

පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා //

කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා //



ගායනය - ඩබ්. ඩී. අමරදේව
පබැදුම - රත්න ශ්‍රී විජේසිංහ
ගී තනු - ඩබ්. ඩී. අමරදේව
Back to Top